
සුමදුර පිරිත් සජ්ජායනාවක් පවත්වමින් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මෙහිදී කාර්යලයීය නිලධාරීන්ට හා රටවැසියන්ට සෙත් පැතීම සිදු කෙරුණු අතර වැඩසටහන සංවිධානය කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් සිදු කරන ලදී.















