aswasuma vehicle  BR eBMD

 

WhatsApp Image 2022 10 25 at 6.08.19 PM
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද කොළඹ ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානතත්වයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
ප්‍රදේශයේ ජනතාවගේ සහජීවනය සැලකිල්ලට ගනිමින් ' සංහිඳියාවේ සුරම්‍ය නාද' යන තේමාවෙන් මෙම උත්සවය සංවිධානය විණි.
සාහිත්ලා‍ය කලා මහෝත්සවයට සමගාමීව පැවති තරඟවලින් ජයග්‍රණය කල පිරිස් ඇගයීම සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණු අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සී.වි. රෝස් මහත්මිය විසින් සිදු කරන අතර මූලිකත්වය හා මඟ පෙන්වීම කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අරුණෝද එන් බෝපගමගේ මහතා විසින් සිදු කරන ලදී.
කලා අංග රැසකින් විචිත්‍රවත් වු මෙම වැඩසටහන සඳහා සියළුම කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගි විය.

News & Events

22
Oct2026
News & Event

News & Event

“To conveniently access the services you require...

15
Oct2026
News & Event

News & Event

Is there any complain "Pls Use this...

Scroll To Top