aswasuma vehicle  BR eBMD

 

2023 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

ඛෙත්තාරාමය

  •  කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඛෙත්තාරාම වසමේ මාළිගාවත්ත පෙදෙස සෙබස්තියන් ඇල මාර්ගය සහ මැල්වත්ත යාකරන මැල්වත්ත පාලම ප්‍රතිසංස්කරණය කිරිම ( මීටර 60 ක් පමණ )

මෝදර

  • මෝදර මට්ටක්කුළිය ප්‍රදේශවල ධීවර සමිති සඳහා අව්‍යශ ධීවර උපකරණ ලබා දීම (දැල් වර්ග,තරාදි,මන්නා පිහි,බැටරි,under water light ආදිය )

  •  කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මෝදර වීදිය 227 වත්තේ 227/11 නිවස අසල සිට 227/30 නිවස දක්වා මිටර 300 දුරට බෝක්කුවත්ත පාර කොන්ක්‍රිට් කිරිම සහ කාණු පද්ධතිය සකස් කිරිම.
  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොළඹ 15, මෝදර අංක 87/1 ශන්ත ජේම්ස් වීදිය පුෂ්පාරාම විහාරයේ ගරා වැටි ඇති පැති බැම්ම සකස් කිරිම.

අලුත්කඩේ නැගෙනහිර

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් , අලුත්කඩේ නැගෙනහිර 167 වත්තට ඇතුළුවිමට ඇති පිවිසුම් දොරටුව අලුත්වැඩියා කිරිම හා 167/1 සිට 167/11 දක්වා වතුමාර්ගය කොන්ක්‍රිට් කිරිම.

කොච්චිකඩේ උතුර

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොච්චිකඩේ උතුර වසමේ කොළඹ 13 රත්නම් පාර 44 වත්තේ ඇති වැසිකිලි පද්ධතිය අලුත්වැඩියා කිරිම

කොච්චිකඩේ දකුණ

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොළඹ 13 ආදුරුප්පු වීදියේ ශ්‍රි බෝධිරාජාරාම  විහාරස්ථානයේ විහාරගෙය අලුත් වැඩියා කිරිම.
  • කොළඹ , වේල්ල වීදිය , පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා කාර්යාල සංකීර්ණයක් ඉදිකර ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීම හා ඊට ආසන්නව ප්‍රාදේශීය ලේකම් නිල නිවාසය ඉදිකිරීම

සුදුවැල්ල 

  • විනයාලංකාර මාවත තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් සුදුවැල්ල ග්‍රාම නිලධාරි වසමේ 47 වත්ත පිටුපස ඇති H මහල් නිවාස සංකීර්ණයේ සිට 43/47 වත්ත දක්වා කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම

මට්ටක්කුලිය

  • මට්ටක්කුළිය වසමේ කාක දූපත වෙරළ උද්‍යානය හා නාගරික වන උද්‍යානය  සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස නවීකරණය කිරීම

  • මෝදර මට්ටක්කුළිය ප්‍රදේශවල ධීවර සමිති සඳහා අව්‍යශ ධීවර උපකරණ ලබා දීම (දැල් වර්ග,තරාදි,මන්නා පිහි,බැටරි,under water light ආදිය )

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මට්ටක්කුළිය ග්‍රාම නිලධාරි වසමේ මට්ටක්කුලිය මල්වත්ත ප්‍රදේශයේ සිට කාගීල්ස් ගොඩනැගිල්ල දක්වා කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් , කොළඹ 15 මට්ටක්කුලිය කාක දූපත මස්ජිදුල් නුර් පල්ලියේ වැසිකිලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිම
  • මට්ටක්කුළිය වසමේ නූර් මස්ජිදයේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හා වහලය ප්‍රතිසංස්කරණය කිරීම

ග්රෑන්ඩ්පාස් උතුර 

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රෑන්ඩ්පාස් උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රි ශාක්‍යසිංහාරාමය අනගාරික විහාරයට පැමිනෙන විදේශිය සංචාරකයින්ට උචිත පරිදි වැසිකිලි හා කැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම.
  • ග්‍රෑන්ඩ්පාස් උතුර, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අව්වල්සාවියා පාරට යාබඳව ඇති මාර්ගය හා ඇළ මාර්ගය අතර ආරක්ෂිත වැටක් ඉදිකිරීම
  • ග්‍රෑන්ඩ්පාස් උතුර, 339 වත්ත,ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14 වත්ත ආරම්භයේ සිට අවසානය දක්වා ඉන්ටර්ලොක් ඇල්ලීම හා  පැති කාණුව සෑදීම


මාලිගාවත්ත නැගෙනහිර

  • මාලිගාවත්ත නැගෙනහිර වසමේ ජුම්මා මස්ජිද් පාර 198 සිට අංක 198 / 17 දක්වා ගල් ඇතිරීම

  • මාලිගාවත්ත නැගෙනහිර වසමේ හේමමාලි බාලිකා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලේ වහලය අලුත්වැඩියා කිරීම

මහවත්ත

  • මහවත්ත වසමේ නාගලගම්වීදියේ පොදු වෙළඳපළ අසළ ඇති පොදු වැසිකිළිය ප්‍රතිසංස්කාරණය කිරීම

  • කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවත්ත වසමේ නාගලගම්වීදීය 211 වත්තේ අෂ්ට ලක්ෂ්මි කෝවිල අසලින් ආරම්භවී ඩිමෝ ආයතනය දක්වා ඇති කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිම හා ජලය විධිමත්ව බැසයන පරිදි බෝක්කුව සකස් කිරිම.

කොටහේන බටහිර

  • කොටහේන බටහිර ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ ශිව දේවාලයට පැමිණෙන සංචාරකයන් සඳහා අසල පිහිටා ඇති පොදු වැසිකිලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම



මාළිගාකන්ද

  • මාලිගාකන්ද වසමේ කුරේෂානි මව්ලානා පාර 67 වත්තේ 67/ 1 නිවස අසළ සිට 67/120 නිවස දක්වා පාර තාර දැමීම

  • මාළිගාකන්ද වසමේ, පධානඝර විහාරස්ථානයේ ජලාශ පාරට මායිම්ව ඇති අත්තිවාරමකින් සමන්විත තාප්ප කොටස ඉහළට නංවා ඉදිකිරීම



මාලිගාවත්ත බටහිර 

  • සුදර්මාරාම මාවතේ මාලිගාවත්ත බටහිර වසමට අයත් ඇළ ඉවුර සංවර්ධනය කර අබලන් තත්ත්වයේ ඇති පාර , තාර දමා සංවර්ධනය කිරීම

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි කොළඹ 10 ජයන්ත වීරසේකර මාවත අංක , 111 සුබෝධාරාම විහාරයේ අඩක් නිමාවු වැසිකිළියේ වැඩ අවසන් කිරිම

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මාළිගාවත්ත බෝ සෙවන විහාරයේ විහාර මන්දිරයේ, ධාතු මන්දිරයේ තීන්ත ආලේප කිරිම

  • බටහිර මාලිගාවත්ත වසමේ ශ්‍රී ඥානවිමලාරාමය විහාරස්ථානයේ අබලන් තත්ත්වයේ ඇති තාප්පය පිළිසකර කිරීම

පංචිකාවත්ත 

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් , පංචිකාවත්ත වසමේ මවුලානා වත්ත 175/25/සි පොදු වැසිකිලි හා නාන ස්ථානය අලුත්වැඩියා කර ප්‍රතිසංස්කරණය කිරිම
  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොළඹ 10 සංඝරාජ බෝධිමළු විහාරස්ථානයේ ඉතිරි වැඩ කිරිම.

කොටුව 

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටුව වසමේ කොටුව ලෝක වෙළදපොල තුල විදේශිය සංචාරකයින්ට උචිත පරිදි වැසිකිලි පද්ධතිය අලුත්වැඩියා කිරිම.
  • කොටුව මඟී පාලම  සඳහා ස්වයංක්‍රීය පඩිපෙළක් සහිතව නවීකරණය කිරීම

මරදාන   

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මරදාන ග්‍රාම නිලධාරි වසමේ 528 වත්ත 528/80 නිවස අසල සිට528 /49 නිවස දක්වා මාර්ගය මීටර් 300ක් කොන්ක්‍රීට් කිරීම

  • මරදාන වසමේ 528 වත්තේ ඇති වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කර එක් වැසිකිළියක් සඳහා කොමඩ් එකක් සවි කිරීම

  • මරදාන මඟී පාලම සඳහා ස්වයංක්‍රීය පඩිපෙළක් සහිතව නවීකරණය කිරීම

ගාලුමුවදොර 

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත්ගාලු මුවදොර වසමේ , ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රිතව සංචාරකයින් උදෙසා වැසිකිලි පද්ධති දෙකක් ඉදිකිරිම.

  • ගාලුමුවදොර වසමේ, ගාලුමුවදොර පිට්ටනිය අසල ඇති මෙරීන් රෝඩ් පාර අලුත්වැඩියා කිරීම

  • හුණුපිටිය වසමේ සිට ගාලුමුවදොර දක්වා බේරේ වැව ආශ්‍රිතව මඟී ප්‍රවාහන සඳහා බෝට්ටු සේවාවක් නැවත ආරම්භ කිරීම

  • ගාලුමුවදොර වසමේ ගාලුමුවදොර පිටියෙහි පිහිටි නැරඹුම් මැදිරිය අලුත්වැඩියා කිරීම

  • ගාලුමුවදොර වසමේ ගාලුමුවදොර පිටියෙහි පිහිටි වැසිකිළි පද්ධතිය දෙස් විදෙස් සංචාරකයින් සඳහා  සුහුරු (Smart) වැසිකිළි පද්ධතියක් ලෙස නවීකරණය කිරීම 

බ්ලුමැන්ඩල් 

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බ්ලුමැන්ඩල් ග්‍රාම නිලධාරි වසමේ ආසිරිපුර වත්තේ 124/33A සිට 124/47 දක්වා මීටර් 100ක දුරක් කාණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.

  • බ්ලුමැන්ඩල් වසමේ , බ්ලුමැන්ඩල් සිංහල විද්‍යාලයේ තාප්පය අලුත්වැඩියා කිරීම

ඉබ්බන්වල   

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉබ්බන්විල ග්‍රාම නිලධාරි වසමේ 96 වත්ත 92/1 නිවස අසල සිට 96/1E නිවස දක්වා මාර්ගය ඉන්ටලොක් ගල් ඇල්ලීම.

පිටකොටුව   

  • සංචාරකයන් බහුලව ගැවසෙන පිටකොටුව ප්‍රදේශයේ සංචාරකයන්ගේ ආකර්ෂණය ඉස්මතු වන ලෙසත් නගරය අලංකාරවත් කිරීම උදෙසාත් කොටුව දුම්රිය ස්ථානය අසල සිට බැස්ටියන් මාවත පෞද්ගලික බස් පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගයේ මංතීරු මධ්‍යයේ විසිතුරු ශාක සහ මල් පෝච්චි ස්ථාපනය කිරීම

නවගම්පුර   

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි කොළඹ 14 , නවගම්පුර සම්බුදු වෙහෙර දේවාල මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු (කපරාරු කිරීම ටයිල් ඇල්ලිම )

හුණුපිටිය     

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි ,කොළඹ 02 වෝක්ෂොල් වීදිය ශ්‍රී බෝධි විහාරයේ අබලන් වු වැසිකිළියේ වැඩ අවසන් කිරිම.

  • හුණුපිටිය වසමේ සිට ගාලුමුවදොර දක්වා බේරේ වැව ආශ්‍රිතව මඟී ප්‍රවාහන සඳහා බෝට්ටු සේවාවක් නැවත ආරම්භ කිරීම

නිව්බසාර්     

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොළඹ 14, අංක 49 ජේතවන මහා විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම.( බිත්ති කපරාරැ කිරිම).

  • නිව්බසාර් වසමේ ජේතවනාරාම විහාරස්ථානය ඉදිරිපිට වර්ෂා දිනවලදී පදික වේදිකා හා පාර වැසි ජලයෙන් පිරී යාම නිසා වැසිජලය බැස යාම සඳහා බ්ලුමැන්ඩල් ලී මඩු අසළ ඇති කාණුව ප්‍රතිසංස්කරණය කිරීම.

ලුණුපොකුණ     

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොළඹ 13, 159 කොටහේන වීදිය දීපදුත්තාරාම පුරාණ තායි රජමහා විහාරයේ ඉපැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම.

මාදම්පිටිය     

  • කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කොළඹ 15 ෆර්ගියුසන් පාර කැලණිනදි විහාරස්ථානය ඉදිරිපිට තාප්පයේ ඉතිරි වැඩ කිරිම.

අලුත්මාවත     

  • අලුත්මාවත වසමේ, මුතුවැල්ල හින්දු විදුහලේ පිරිමි ළමුන් සඳහා වැසිකිළි සහ කැසිකිළි ඉඳිකිරීම

ජින්තුපිටිය     

  • ජින්තුපිටිය වසමේ විවේකානන්ද ජාතික පාසලේ වැසිකිළි පද්ධතිය අලුත් වැඩියා කිරීම

මසංගස්වීදිය     

  • මසංගස්විදීය වසමේ ‍බදියුදීන් මහ්මුද් විද්‍යාලයේ  ප්‍රාථමික අංශයේ සීමා තාප්ප අලුත් වැඩියා කිරීම

පුවත් සහ සිදුවීම්

Scroll To Top