aswasuma vehicle  BR eBMD

 

ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්

1.ග්‍රාම නිලධාරී පදිංචිය හා චරිතය පිළිබඳ සහතික අනු අත්සන් කිරීම

2.ආදායම් සහතික

 3.වටිනාකම් සහතික 

4.මත්පැන් බලපත්‍ර 

5.උකස් බලපත්‍ර 

6.ගස් කැපීමේ බලපත්‍ර 

7 .දැව ප්‍රවාහන බලපත්‍ර 

8.සතුන් ප්‍රවාහන බලපත්‍ර 

9.වැලි /පස් ප්‍රවාහන බලපත්‍ර

10.ජනාධිපති ආධාර 

11.ජාතික හැදුනුම්පත් සේවා 

12.විදේශ රැකියා පුල් පසුබිම් වාර්තා

13.ව්‍යාපාර නාම ලියාපදිංචිය 

14.වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 

සමාජ සේවා අංශය

දැක්ම

සමාජ සංවර්ධනයට අවාසි සහ දුෂ්කර සමාජ කණ්ඩායම් සහභාගි වීම, සහන සහ පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම

ප්‍රධාන කාර්යයන්
  1. අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ ලබා දීම.
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම.
  3. අවුරුදු 70 ඉක්ම වූ අඩු අදායම් ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර  ලබා දීම 
  4. අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීම
  5. ගැබිණි මාතාවන් සදහා රු.2,000 ක පෝෂණ මල්ලක් ලබා දීම
  6. අඩු අදායම් ලාභී / අබාධිත ළමුන් සදහා අධ්‍යාපන ආධාර ලබා දීම
  7.  ක්ෂය රෝගාධාර /තැලසීමියා ආධාර /පිළිකා ආධාර /ලාදුරු ආධාර 
  8. අඩු අදායම් ලාභී පුද්ගලයන් සදහා සැත්කම් ආධාර 
  9. අබාධිත ස්වයං රැකියා ආධාර
  10. වැඩිහිටි නිවාස , අබාධිත නිවාස සහ දිවසුරැකුම්  මද්‍යස්ථාන සදහා නඩත්තු ආධාර සහ යතායෝග්‍යධාර ගෙවීම
  11. වකුගඩු ආධාර 

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. PMCS යාවත්කාලීන කිරීම
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. සමීක්ෂණ මණ්ඩල පැවැත්වීම
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top