![]() |
|
හදිසි ආපදා තත්ත්වයන්ට නොබියව මනුෂ්‍යත්වය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ මානව හිතවාදීන් ඇගයීම සදහා ගෞරව ප්රණාම උළෙල සංවිධානය කරන ලද්දේ සර්වෝදය කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා "ශාන්ති සේනා" සංවිධානය විසිනි. හදිසි ආපදා තත්ත්වයන්ට නොබියව මනුෂ්‍යත්වය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ මානව හිතවාදීන් ඇගයීම සදහා ගෞරව ප්රණාම උළෙල සංවිධානය කරන ලද්දේ සර්වෝදය කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා "ශාන්ති සේනා" සංවිධානය විසිනි. UNDP රාජ්‍ය නොවන සංවිධානය ඒ සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවා. මෙහිදි කොවිඩ් 19 වසංගත කාලය තුළ රාජකාරියට එහා ගිය සේවාවක් කැපවීමෙන් ඉටු කළ රාජ්‍ය නිලධාරීන් 08 දෙනකු ඇගයිම 2021 ජනවාරි 26 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දි පවත්වනු ලැබුවා. එහි දී ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මියද විශේෂ ඇගයීමට ලක් විය. |
















