aswasuma vehicle  BR eBMD

 

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් සඳහා වන "පැය 150 දෙමළ භාෂා ප්‍රායෝගික පුහුණු වැඩසටහන" පසුගිය 2021-10-15 වන දින සිට දින 25ක්‌ තුල පෙ.ව. 9:00 සිට 12:00 සහ ප. ව 2.00 සිට 5.00 දක්වා මාර්ගගත (zoom) ක්‍රමය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇත.
2021-10-15 වන දින පැවැත්වූ එහි සමාරම්භක අවස්ථාව සදහා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් මහතා, බ්‍රිතාන්‍ය කවුන්සිලය නියෝජනය කරමින් ආර්. රවින්ද්රන් මහතා, කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා සහභාගී විය.
මෙහි සම්බන්ධීකරණය ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නිලධාරීන් හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලදී.
246846207 439310721074124 1866403722735474390 n

පුවත් සහ සිදුවීම්

Scroll To Top