“To conveniently access the services you require from the Colombo Divisional Secretariat, please contact us via the WhatsApp number provided below.”
Is there any complain "Pls Use this QR" or Link "https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/QZAS9"

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික සාහිත්ය උත්සවය මෙම වර්ෂයේ දී ද ප්රාදේශීය දිස්ත්රික්ක ජාතික මට්ටමින් අදියර තුනක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිතය.
සාහිත්ය තරඟ පිළිබඳ විස්තරය සහ අයදුම්පත පහත සැබැඳිය මගින් යොමු වීමෙන් බාගත කරගත හැකිය.

කොළඹ විශ්වවිද්යාලය මගින් පවත්වන ලද, "වැඩිහිටියන්ගේ තාක්ෂණික භාවිතය" පිළිබඳ පර්යේෂණ කතිකාව 2025.08.29 දින කොළඹ විශ්වවිද්යාලයීය විද්යාල මන්දිරයේ දී පැවැත්විණි. එහිදී කොළඹ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටියන් ආශ්රයෙන් පවතින තත්වයන් ද ජාතික ප්රතිපත්ති සම්පාදනය සඳහා නියැඳියක් ලෙස යොදා ගැනීම සිදුවිය. සම්මානිත මහාචාර්ය ඉන්ද්රලාල් ද සිල්වා, සම්මානිත මහාචාර්ය ටියුඩර් සිල්වා, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිදුම් මහතා, ICTA ආයතනයේ ජ්යෙෂ්ඨ කළමණාකරු මෙන්ම කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්යාලවල ආචාර්යවරු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
















