
කොළඹ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද, "වැඩිහිටියන්ගේ තාක්ෂණික භාවිතය" පිළිබඳ පර්යේෂණ කතිකාව 2025.08.29 දින කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාල මන්දිරයේ දී පැවැත්විණි. එහිදී කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටියන් ආශ්‍රයෙන් පවතින තත්වයන් ද ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා නියැඳියක් ලෙස යොදා ගැනීම සිදුවිය. සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා, සම්මානිත මහාචාර්ය ටියුඩර් සිල්වා, වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා, ICTA ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු මෙන්ම කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික සාහිත්‍ය උත්සවය මෙම වර්ෂයේ දී ද ප්‍රාදේශීය දිස්ත්‍රික්ක ජාතික මට්ටමින් අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සාහිත්‍ය තරඟ පිළිබඳ විස්තරය සහ අයදුම්පත පහත සැබැඳිය මගින් යොමු වීමෙන් බාගත කරගත හැකිය.

අස්වැසුම දෙවන අදියර සඳහාම ඉල්ලුම්පත් කැදවීම පෙබරවාරි 15 සිට...
දෙවන අදියර සඳහාඉල්ලුම් කළ හැක්කේ
* පළමු අදියරට ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වුණු අයට
* නිවාස වෙත පැමිණ සිදුකළ අස්වැසුම තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු ලබා දීමට නොහැකි වූ අයට
පහත දක්වා ඇති ආකෘතියට අනුව සකස් කරගත් අයදුම්පතක් පුරවා ඔබ අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න.
තවද මාර්ගගත ක්‍රමයට ද ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ඒථාව ලබා දී ඇත. ඒ සඳහාwww.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
දෙවන වටයට ඉල්ලුම්පත් දැමීමට ඔබගේ ජාතික හැදුනුම්පත තිබීම අත්‍යවශය බවසලකන්න .
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මාර්තු මස 15 වනදාය
අයදුම්පත -->
උපදෙස් පත්‍රිකාව -->


සුමදුර පිරිත් සජ්ජායනාවක් පවත්වමින් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මෙහිදී කාර්යලයීය නිලධාරීන්ට හා රටවැසියන්ට සෙත් පැතීම සිදු කෙරුණු අතර වැඩසටහන සංවිධානය කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් සිදු කරන ලදී.















