aswasuma vehicle  BR eBMD

 


කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා වලින් පෙළෙන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වන නැණ මිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානය පසුගිය 27 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..
දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූ වේල්ල වීදිය මහජන බැංකුවේ නිලධාරීන් ,ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන් , ශිෂ්‍යත්වලාභී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී විය..
රජයේ මුදල් යෙදවීමකින් තොරව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් අරුණෝද එන්.බෝපගමගේ මහතාගේ උපදෙස් මත කාර්යාලයේ බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරී ගයනි කුමාරසිංහ මහත්මිය ප්‍රමුඛ සමාජ සේවා අංශය විසින් ක්‍රියාවට නැංවූ අතර මේ සඳහා ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය මෙන්ම කාර්යාලයේ අනිකුත් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබුණි...
 WhatsApp Image 2022 05 04 at 10.42.50 AM 2

News & Events

09
செப்2025
Technological Use Among Seniors

Technological Use Among Seniors

On August 29, 2025, the University of...

20
மே2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

The National Literary Festival, organized annually by...

குடியுரிமை சாசனம்

Scroll To Top