aswasuma vehicle  BR eBMD

 

download
 
 
 
+ පවතින තැපැල් වියදම හා පවතින කඩදාසි හිඟය හේතුවෙන් 2023 වර්ෂය සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. එම අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dist.gov.lk සහ ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කරගත හැක.
 
+ 2023 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2022/10/01 සිට 2022/12/31 දිනෙන් අවලංගු වේ ( නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැර හරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
 
+ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව සලකන්න.
 අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න..
  • කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය - www.colombo.dist.gov.lk
  • ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය - www.defence.lk

කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා වලින් පෙළෙන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වන නැණ මිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානය පසුගිය 27 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..
දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූ වේල්ල වීදිය මහජන බැංකුවේ නිලධාරීන් ,ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන් , ශිෂ්‍යත්වලාභී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී විය..
රජයේ මුදල් යෙදවීමකින් තොරව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් අරුණෝද එන්.බෝපගමගේ මහතාගේ උපදෙස් මත කාර්යාලයේ බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරී ගයනි කුමාරසිංහ මහත්මිය ප්‍රමුඛ සමාජ සේවා අංශය විසින් ක්‍රියාවට නැංවූ අතර මේ සඳහා ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය මෙන්ම කාර්යාලයේ අනිකුත් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබුණි...
 WhatsApp Image 2022 05 04 at 10.42.50 AM 2
 295116226 182258167527578 5514577336078234467 n

ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ අනුමැතිය මත කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන් 100 දෙනෙක් හට 2022.07.27 දින වියළි ආහාර (සහල්) මලු 100ක් බෙදා දීම සංස්කෘතික නිලධාරී C.V. රෝස් මහත්මිය විසින් සිදු කරන ලදී.

කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී විශිෂ්ඨතා ඇගයීම් උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගත් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාම නිලධාරී ටි.ආර්.ඩි. ප්‍රදීප් පෙරේරා මහතාට කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් එක් කරන අතර කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී විශිෂ්ඨතා ඇගයීම් උළෙලේ පස්වන ස්ථානයද කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොච්චිකඩේ දකුණ ග්‍රාම නිලධාරී ලක්ෂණ චතුරංග මහතා විසින් දිනා ගන්නා ලදී.

https://fb.watch/csRfYCbKsE/

255010391 128368659583196 464959108089838874 n

News & Events

09
Sep2025
Technological Use Among Seniors

Technological Use Among Seniors

On August 29, 2025, the University of...

20
May2025
Provincial, District, and National Literary Festival - 2025

Provincial, District, and National Literary Festival - 2025

The National Literary Festival, organized annually by...

Scroll To Top