
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද කොළඹ ප්‍රාදේශීය සාහිත්ය කලා මහෝත්සවය 2022.10.21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්රධානතත්වයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
ප්රදේශයේ ජනතාවගේ සහජීවනය සැලකිල්ලට ගනිමින් ' සංහිඳියාවේ සුරම්ය නාද' යන තේමාවෙන් මෙම උත්සවය සංවිධානය විණි.
සාහිත්ලාය කලා මහෝත්සවයට සමගාමීව පැවති තරඟවලින් ජයග්රණය කල පිරිස් ඇගයීම සඳහා ත්යාග සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණු අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සී.වි. රෝස් මහත්මිය විසින් සිදු කරන අතර මූලිකත්වය හා මඟ පෙන්වීම කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අරුණෝද එන් බෝපගමගේ මහතා විසින් සිදු කරන ලදී.
කලා අංග රැසකින් විචිත්රවත් වු මෙම වැඩසටහන සඳහා සියළුම කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගි විය.

+ පවතින තැපැල් වියදම හා පවතින කඩදාසි හිඟය හේතුවෙන් 2023 වර්ෂය සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. එම අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dist.gov.lk සහ ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කරගත හැක.
+ 2023 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2022/10/01 සිට 2022/12/31 දිනෙන් අවලංගු වේ ( නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැර හරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
+ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව සලකන්න.
අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න..
- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය - www.colombo.dist.gov.lk
- ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය - www.defence.lk
![]() |
ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ අනුමැතිය මත කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන් 100 දෙනෙක් හට 2022.07.27 දින වියළි ආහාර (සහල්) මලු 100ක් බෙදා දීම සංස්කෘතික නිලධාරී C.V. රෝස් මහත්මිය විසින් සිදු කරන ලදී.
|



















