aswasuma vehicle  BR eBMD

 


කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා වලින් පෙළෙන පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වන නැණ මිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානය පසුගිය 27 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..
දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වූ වේල්ල වීදිය මහජන බැංකුවේ නිලධාරීන් ,ශිෂ්‍යත්ව පිරිනැමූ කැපකරු මහත්ම මහත්මීන් , ශිෂ්‍යත්වලාභී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී විය..
රජයේ මුදල් යෙදවීමකින් තොරව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් අරුණෝද එන්.බෝපගමගේ මහතාගේ උපදෙස් මත කාර්යාලයේ බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරී ගයනි කුමාරසිංහ මහත්මිය ප්‍රමුඛ සමාජ සේවා අංශය විසින් ක්‍රියාවට නැංවූ අතර මේ සඳහා ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය මෙන්ම කාර්යාලයේ අනිකුත් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබුණි...
 WhatsApp Image 2022 05 04 at 10.42.50 AM 2

කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී විශිෂ්ඨතා ඇගයීම් උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගත් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාම නිලධාරී ටි.ආර්.ඩි. ප්‍රදීප් පෙරේරා මහතාට කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් එක් කරන අතර කොළඹ දිස්ත්‍රික් ග්‍රාම නිලධාරී විශිෂ්ඨතා ඇගයීම් උළෙලේ පස්වන ස්ථානයද කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොච්චිකඩේ දකුණ ග්‍රාම නිලධාරී ලක්ෂණ චතුරංග මහතා විසින් දිනා ගන්නා ලදී.

https://fb.watch/csRfYCbKsE/

255010391 128368659583196 464959108089838874 n

 276126929 154379523648776 3314765391592653871 n
 
අංක 16 කොළඹ සමථ මූල මණ්ඩලයේ නව සාමාජිකයින් බඳවා ගැනීමේ පස් දින පුහුණුව 2022.03.18 දින සාර්ථකව අවසන් කරන ලදී.
මෙම වැඩමුළුව දින පහක් පුරාවට කොළඹ ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහයෝගය මත සාර්ථකව පැවැත්වීමට හැකි විය.
බදුල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී චින්තන හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී නිලූෂා පද්ම කුමාරි මහත්මිය සහ කොළඹ දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී චම්පා කුමාරසිංහ මහත්මිය සම්පත් දායකත්වය දැක් වූ අතර සම්බන්ධීකරණය සමථ නිලධාරී සුමිත්‍රා සිරිමාන්න මහත්මිය විසින් සිදුකරන ලදි.
 
 277790457 158166083270120 6422108755782064881 n
 
කොළඹ ‍ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි . වැඩ සටහන සංවිධානය වනිතා සංවර්ධන නිලධාරී ශ්‍යාමලී මලී ජයසිංහ මෙනවිය සහ කාන්තා බල මණ්ඩලයේ සාමාජිකයන් විසිනි .
 
bf5faff0 a38c 4a14 a80e e7e1af72a025
ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජයග්‍රහණය කළ,
🥇ප්‍රදීප් පෙරේරා (මාදම්පිටිය වසම)
🥈ලක්ෂණ චතුරංග (කොච්චිකඩේ දකුණ වසම)
🥉චමිලා පෙරේරා (මෝදර වසම)
යන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ සාර්ථකව මෙම තරඟය සඳහා ඉදිරිපත් වු සියලු ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය මෙන්ම කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්..
கொழும்பு பிரதேச செயலகத்தில் கிராம சேவையாளர் அலுவலக முகாமைத்துவ போட்டியில் வெற்றி பெற்றவர்கள்,
🥇திரு. பிரதீப் பெரேரா (மாதம்பிட்டிய பிரிவு)
🥈திரு. லக்ஷண சதுரங்க (கொச்சிக்கடை தெற்கு பிரிவு)
🥉திருமதி. சமிலா பெரேரா
(மோதர பிரிவு)
கொழும்பு பிரதேச செயலகத்தின் பிரதேச செயலாளர், அனைத்து பணியாளர்கள் மற்றும் ஊடகப் பிரிவினரின் வாழ்த்துக்கள்.

News & Events

22
Oct2026
News & Event

News & Event

“To conveniently access the services you require...

15
Oct2026
News & Event

News & Event

Is there any complain "Pls Use this...

Scroll To Top