aswasuma vehicle  BR eBMD

 

download
 
 
+ පවතින තැපැල් වියදම හා පවතින කඩදාසි හිඟය හේතුවෙන් 2024 වසර සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. එම අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dist.gov.lk සහ ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කරගත හැක.
 
+ 2024 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2023/10/01 සිට 2023/12/31 දිනෙන් අවලංගු වේ ( නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැර හරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
 
+ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව සලකන්න.
 අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න..
  • කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය - www.colombo.dist.gov.lk
  • ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය - www.defence.lk
325465132 577307310884352 7409349203894972863 n
 
කෘෂි ආර්ථික ජීවන රටාවක දිවි ගෙවූ අපේ ආදී මුතුන් මිත්තන් විශේෂයෙන් දමිළ ජනයා චාරිත්‍රයක් ලෙසින් වාර්ෂිකව තමන්ට අස්වැන්න ලබාගැනීමට උපකාර කල සූර්යයා ප්‍රධාන කරගත් ස්වභාදහමටත්, ගව මහීෂාදී සතුන්ටත් තම කෘතවේදීත්වය පලකිරීම පදනම් කරගනිමින් පවත්වන්නට යෙදෙන තෛපොංගල් උත්සවය 2023 නව වසර වෙනුවෙන් 2023/01/18 දින අප කාර්යාල පරිශ්‍රය තුල උත්සවාකාරයෙන් පැවැත්වූයෙමු.
ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු දමිළ සිංහල මුස්ලිම් සියලු ප්‍රජාවන් නියෝජනය කරන නිලධාරීගේ මෙන්ම ප්‍රදේශවාසී ප්‍රජාවන්ගේ සහභාගීත්වය ඇතුව පවත්වන්නට යෙදුන මෙම උත්සවය ඒ හා සම්බන්ධ සියලු ආගමික වතාවත් ඉතා මැනෙවින් ඉටුකරමින් පවත්වන්නට හැකිවිය.
ග්‍රාම නිලධාරී උරුතිරන් මහතා ඇතුලු ග්‍රාම නිලධාරී මත්ම මහත්මීන් මෙහි ප්‍රධාන දායකත්වය ලබාදුන් අතර සංස්කෘතික නිලධාරීන් විසින් මූලික සංවිධාන කටයුතු සිදුකරනු ලැබින.
320757904 866759914743611 4879006386339862131 n
අධිකරණ අමාත්‍යාංශයේ ,ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්යාලය හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය එක්ව සංවිධානය කරන ලද සහජීවනයේ නත්තල් සැමරුම -2022 "වැඩසටහන 2022.12.22 වන දින ප. ව 2.00 ට කොළඹ කොට්ඨාසයේ පාසල් දරු දැරියන් මූලික කොට ගනිමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පාසල් දරු දැරියන් 55ක්‌ සදහා පාසල් උපකරණ ලබා දීම සිදු කරන ලදී.
මේ සදහා ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්,පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහ අනෙකුත් අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ දෙමව්පියන් සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් මත වැඩසටහන සම්බන්ධීකරණය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලද අතර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහ පාසල් දරුවන්ගේද සහයෝගය ඊට හිමිවිය.
මේ සදහා පුර්ණ අනුග්‍රහය ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්යාල විසින් ලබා දෙන ලදී.
WhatsApp Image 2022 10 25 at 6.08.19 PM
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද කොළඹ ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානතත්වයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
ප්‍රදේශයේ ජනතාවගේ සහජීවනය සැලකිල්ලට ගනිමින් ' සංහිඳියාවේ සුරම්‍ය නාද' යන තේමාවෙන් මෙම උත්සවය සංවිධානය විණි.
සාහිත්ලා‍ය කලා මහෝත්සවයට සමගාමීව පැවති තරඟවලින් ජයග්‍රණය කල පිරිස් ඇගයීම සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණු අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සී.වි. රෝස් මහත්මිය විසින් සිදු කරන අතර මූලිකත්වය හා මඟ පෙන්වීම කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අරුණෝද එන් බෝපගමගේ මහතා විසින් සිදු කරන ලදී.
කලා අංග රැසකින් විචිත්රවත් වු මෙම වැඩසටහන සඳහා සියළුම කාර්යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගි විය.

පුවත් සහ සිදුවීම්

Scroll To Top