aswasuma vehicle  BR eBMD

 

 

download 1

 

අස්වැසුම දෙවන අදියර සඳහාම ඉල්ලුම්පත් කැදවීම පෙබරවාරි 15 සිට...

දෙවන අදියර සඳහාඉල්ලුම් කළ හැක්කේ

* පළමු අදියරට ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වුණු අයට

* නිවාස වෙත පැමිණ සිදුකළ අස්වැසුම  තොරතුරු එක්රැස් කිරීමට තොරතුරු ලබා දීමට නොහැකි වූ අයට

පහත දක්වා  ඇති ආකෘතියට අනුව සකස් කරගත් අයදුම්පතක් පුරවා ඔබ අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට  හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න.

තවද මාර්ගගත ක්‍රමයට ද ඔබගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ඒථාව ලබා දී ඇත. ඒ සඳහාwww.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

දෙවන වටයට ඉල්ලුම්පත් දැමීමට ඔබගේ ජාතික හැදුනුම්පත තිබීම අත්‍යවශය බවසලකන්න .

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මාර්තු  මස 15 වනදාය

අයදුම්පත -->

උපදෙස් පත්‍රිකාව -->

WhatsApp Image 2024 01 05 at 09.47.23

සුමදුර පිරිත් සජ්ජායනාවක් පවත්වමින් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් 2024 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මෙහිදී කාර්යලයීය නිලධාරීන්ට හා රටවැසියන්ට සෙත් පැතීම සිදු කෙරුණු අතර  වැඩසටහන සංවිධානය කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය මල්දෙණියේ චන්දාලෝක හිමියන් විසින් සිදු කරන ලදී. 

325465132 577307310884352 7409349203894972863 n
 
කෘෂි ආර්ථික ජීවන රටාවක දිවි ගෙවූ අපේ ආදී මුතුන් මිත්තන් විශේෂයෙන් දමිළ ජනයා චාරිත්‍රයක් ලෙසින් වාර්ෂිකව තමන්ට අස්වැන්න ලබාගැනීමට උපකාර කල සූර්යයා ප්‍රධාන කරගත් ස්වභාදහමටත්, ගව මහීෂාදී සතුන්ටත් තම කෘතවේදීත්වය පලකිරීම පදනම් කරගනිමින් පවත්වන්නට යෙදෙන තෛපොංගල් උත්සවය 2023 නව වසර වෙනුවෙන් 2023/01/18 දින අප කාර්යාල පරිශ්‍රය තුල උත්සවාකාරයෙන් පැවැත්වූයෙමු.
ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු දමිළ සිංහල මුස්ලිම් සියලු ප්‍රජාවන් නියෝජනය කරන නිලධාරීගේ මෙන්ම ප්‍රදේශවාසී ප්‍රජාවන්ගේ සහභාගීත්වය ඇතුව පවත්වන්නට යෙදුන මෙම උත්සවය ඒ හා සම්බන්ධ සියලු ආගමික වතාවත් ඉතා මැනෙවින් ඉටුකරමින් පවත්වන්නට හැකිවිය.
ග්‍රාම නිලධාරී උරුතිරන් මහතා ඇතුලු ග්‍රාම නිලධාරී මත්ම මහත්මීන් මෙහි ප්‍රධාන දායකත්වය ලබාදුන් අතර සංස්කෘතික නිලධාරීන් විසින් මූලික සංවිධාන කටයුතු සිදුකරනු ලැබින.
download
 
 
+ පවතින තැපැල් වියදම හා පවතින කඩදාසි හිඟය හේතුවෙන් 2024 වසර සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. එම අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dist.gov.lk සහ ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කරගත හැක.
 
+ 2024 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව 2023/10/01 සිට 2023/12/31 දිනෙන් අවලංගු වේ ( නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැර හරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
 
+ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්ය බව සලකන්න.
 අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න..
  • කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය - www.colombo.dist.gov.lk
  • ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය - www.defence.lk
320757904 866759914743611 4879006386339862131 n
අධිකරණ අමාත්‍යාංශයේ ,ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්යාලය හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය එක්ව සංවිධානය කරන ලද සහජීවනයේ නත්තල් සැමරුම -2022 "වැඩසටහන 2022.12.22 වන දින ප. ව 2.00 ට කොළඹ කොට්ඨාසයේ පාසල් දරු දැරියන් මූලික කොට ගනිමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පාසල් දරු දැරියන් 55ක්‌ සදහා පාසල් උපකරණ ලබා දීම සිදු කරන ලදී.
මේ සදහා ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්,පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහ අනෙකුත් අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ දෙමව්පියන් සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් මත වැඩසටහන සම්බන්ධීකරණය ජාතික ඒකාබද්ධතා නිලධාරීන් විසින් සිදුකරන ලද අතර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහ පාසල් දරුවන්ගේද සහයෝගය ඊට හිමිවිය.
මේ සදහා පුර්ණ අනුග්‍රහය ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්යාල විසින් ලබා දෙන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top