aswasuma vehicle  BR eBMD

 

 Optimized IMAG3417
 
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති J.C.අලවතුවල මැතිතුමාගේ සහභාගීත්වයෙන් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල වර්ෂ  1960න්ප සු සිදු වූ උපත්/මරණ හා විවාහ සහතික පත්‍ර  කොළඹ ප්‍රාදේශීය ලේකම්  කාර්යාලීය රෙජිස්ට්‍රාර් අංශයෙන් නිකුත් කිරීමේ  එක්දින සේවාව ආරම්භ කිරීමේ අවස්ථාව .

IMG 1304

 ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2019 මාර්තු මස 29 වෙනි දින එළි දැක්වූ කළා උළෙල සඳහා දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු අමුත්තන් කිහිප දෙනෙක් සහභාගී වූ අතර ඒ සඳහා සෙලාන් බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී.එහිදී සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය සහ පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය ඇතුළු සියලුම අංශවල නිලධාරීන් තම කළා කුසලතාවයන් ඉදිරිපත් කරන ලදී.
 IMG 20190116 100026
තෛපොංගල් දිනය වෙනුවෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙමළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සමරනු ලැබූ  අතර ඒ සඳහා ප්‍රාදේශීය  ලේකම්තුමා  ඇතුළු සියලුම  කාර්ය මණ්ඩලයේ නිලධාරින්ද  සහභාගී විය.

 FB IMG 1547644834044
 දුරුතු පෝය නිමිති කොට ගෙන පවත් වන ලද මාසික ධර්ම දේශනාව 2019.01.22 කාර්යාලිය ශ්‍රවනාගාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුදැනුම ඇතිව හා සැලසුම් අංශයේ අනුග්‍රහය ඇතිව පැවැත්වූ අතර ධර්ම දේශනාව සඳහා පූජ්‍යපාද ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින්වහන්සේ සහභාගී විය.ධර්මය ශ්‍රවනය කිරීම සඳහා කාර්යාලිය නිලධාරීන් හා සමාජ සේවා සංගම් වල සාමාජිකයින් ද සහභාගී විය.

කොට්ඨාශ  දින රැස්වීම ,මත්ද්‍රවය  නිවාරණ කමිටු හා සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම 2018.07.31 වන දින පෙ.ව. 9.30 කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය   ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගි විය.

පුවත් සහ සිදුවීම්

Scroll To Top